Saturday, July 25, 2026
Homeදේශීයතද වැසි සහ සුළං ඇතිකරමින් කාලගුණය වෙනස් වෙයි

තද වැසි සහ සුළං ඇතිකරමින් කාලගුණය වෙනස් වෙයි

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වල ක්‍රියා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව සඳහායි.

නැවත දැනුම්දෙන තුරු එම මුහුදු ප්‍රදේශ සඳහා යාත්‍රා නොකරන ලෙස ට මෙහිදී අනතුරු අඟවා තිබෙනවා.

එම නිවේදනය පහතින්,

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලමි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

file
READ:   එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය ගැන අධිකරණය දුන් නියෝගය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්