Wednesday, June 10, 2026
Homeදේශීයඅවුරුදු 12කට රනිල්ට රට භාර දිය යුතුයි! නැතිනම් හිඟන්නුන්සේ ජාතිය වැනසී යාවී - වජිර අබේවර්ධන

අවුරුදු 12කට රනිල්ට රට භාර දිය යුතුයි! නැතිනම් හිඟන්නුන්සේ ජාතිය වැනසී යාවී – වජිර අබේවර්ධන

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට වසර 12ක් නොකඩවා රට පාලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.

දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් ලෝකයේ බලවත් යටත් නොවුණු ජාතියක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමට කැමති නම් ජනාධිපතිවරයාට ජනතාව විසින් එම අවස්ථාව ලබා දිය යුතු බව ඔහු අවධාරණය කර සිටිනවා.

එසේ නොමැති වුණොත් හිඟන්නන් ලෙස ජාතිය වැනසිය යා හැකි බවත් වජිර අබේවර්ධන මහතා පවසනවා.

ලෝකය හමුවේ බංකොළොත් වූ රට ජනාධිපතිවරයා විසින් මේ මාසය තුළ දී එම ලැජ්ජාවෙන් නිදහස් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ජනාධිපති වෙන්න හදන අයගේ වත්කම් මෙන්න
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්