Friday, April 17, 2026
Homeදේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන්ගත් වාහනය අනතුරකට ලක්වෙයි

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් ගත් ජිප් රථය අද (03) අලුයම 4.00 ට පමණ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී යතුරුපැදිය ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා ඇතැයි නිට්ටඹුව පොලිසිය සඳහන් කරනවා.

මන්ත්‍රීවරයා රැගත් රථය  මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරද්දී  ජීප් රථය මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවත් යතුරු පැදිකරු පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් දිනමිණ වාර්තා කළා.

READ:   මගී ජීවිත 600ක්‌ බේරාගත් හපුතලේ විරුවාට රජයෙන් උපහාර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්