Monday, September 7, 2026
Homeදේශීයමියන්මාරයේ සහ රුසියාවේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විදේශගත...

මියන්මාරයේ සහ රුසියාවේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විදේශගත වෙයි

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් ගේ ත්‍රස්ත ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකික තරුණ – තරුණියන් 49 දෙනා  සහ රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ රාජතාන්ත්‍රික මෙහෙයුමක් සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව ඔවුන් අද (27) දින අලුයම දින 10 ක සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් මුළින්ම තායිලන්තය බලා පිටත්වී තිබෙනවා.

මෙම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ.සී.අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඇතුළත්.

ඔවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට නියමිතයි.

මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස ත්‍රෛයි නිකායික මහ නාහිමි වරුන්ගේ සහ විපක්ෂ නනායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි රැගෙන මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ, මියන්මාරයේ සංඝ නායක හිමිවරුන් සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වී භාර දීමට නියමිතයි.

READ:   මේ වසරේ ඩෙංගු රෝගීන් ගණන 25,000 ඉක්මවයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්