Wednesday, April 29, 2026
Homeදේශීයරුසියාවේ ප්‍රබල යුධ නෞකාවක් මුහුදේ ගිලේ

රුසියාවේ ප්‍රබල යුධ නෞකාවක් මුහුදේ ගිලේ

රුසියාවේ ප්‍රබල යුධ නෞකාවක් වන ‘මොස්ක්වා’ නෞකාව මුහුදේ ගිලී ගොස් ඇති බව, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉකුත් බදාදා දැවැන්ත ප්‍රහාරයකට ලක්වූ එම නෞකාව කලු මුහුද ආසන්න වරායක් වෙත රැගෙන යමින් තිබියදී ගිලී ගොස් ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් රුසියාව යුක්‍රේනයේ කියෙව් අගනුවර සටන් තවදුරටත් දැඩි කර තිබේ.
යුක්‍රේනයට පහරදීමට සාගරයේ සිට විශාල මෙහෙයුමක් මෙහෙයුමක් සිදුකළ රුසියානු නෞකාවක් ලෙස මොස්ක්වා සැළකේ.

නෞකාවට ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ 510ක පමණ කාර්ය මණ්ඩලයක් එහි සිට තිබේ. කෙසේ වුවද ඔවුන්ට සිදුවූ හානිය පිළිබඳව නිශ්චිත වාර්තා පළ වී නොමැත.

යුක්‍රේනය ප්‍රකාශ කර ඇත්තේ, මිසයිල ප්‍රහාරයක් දියත්කොට නෞකාව විනාශ කළ බවයි.

දිනමිණ පුවත්පතෙන්

READ:   කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්