වෙත – විනිසුරු (විශ්‍රාමික) රෝහිණී මාරසිංහ මහත්මිය,
සභාපති,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.
පැමිණිලිකරු – ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
වගඋත්තරකරුවෝ –
01) නාමල් රාජපක්ෂ,
ඩිජිටල් තාක්ෂණය හා ව්‍යයවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
02) සභාපති,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.
03) අධ්‍යක්ෂ ජනරාල්,
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව.
04) සභාපති,
පාරිභෝගික සේවා අධිකාරිය
05) අධ්‍යක්ෂ ජනරාල්,
පාරිභෝගික සේවා අධිකාරි.
06) සභාපති,
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම
පැමිණිල්ල – ෆේස්බුක්, යූටියුබ්, වට්ස්ඇප් ඇතුළු අන්තර්ජාල සන්නිවේදන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද අලුයම සිට අවහිර කර ඇති අතර අන්තර්ජාල සබඳතා ද සීමා කර තිබේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. එමෙන්ම මෙම මර්දනකාරී තීන්දුව නිසා පුරවැසියන්ගේ ආවේගය ධරුණු තත්ත්වයට තවත් දරුණු අතට තල්ලුවීමේ හැකියාවක් ඇති බැවින් සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයකි. එබැවින්,
01) වහාම අවහිරතාවය ඉවත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නිර්දේශ කරන ලෙසත්,
02) අවහිරතාවය සිදුකිරීමට ගත් තීන්දුව ගැන විමර්ශනයක් සිදු කරන ලෙසත්,
03) එම තීන්දුව නිසා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි ප්‍රකාශ කරන ලෙසත්,
04) ඒ සම්බන්ධයෙන් ඉහත වගඋත්තරකරුවන්ගේ පුද්ගලික මුදලින් අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය පරිශීලකයන්ට වන්දි මුදලක් ප්‍රධානය කිරීමට නිර්දේශ කරන ලෙසත්,
05) නීති විරෝධී නියෝයක් පිළිපැදීම සම්බන්ධයෙන් සියලු දුරකතන සේවා සමාගම්වලට තම පාරිභෝගිකයන්ට වන්ධි ප්‍රධානය කිරීමට නියෝග කරන්නැයි ඉහත වගඋත්තරකරුවන්ට නිර්දේශ කරන ලෙසත්,
ඉල්ලා සිටිමු.
අන්තර්ජාල සබඳතා ද සීමා කිරීෙමන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි
නවතම වීඩියෝ
-
තරුණ සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය අගමැතිණියගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 16 වැනිදා.
-
ලක්ෂ 15ක කප්පම් සොයදීමට ගිය ප්‍රසන්න සැක සහිතව මියයාම ගැන සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් චෝදනා.
-
2026.09.07 පසුව ඔයාගේ ගෙදර බල්ලා ප්‍රාදේශීය සභාවේ අනිවාර්යෙන් ලියාපදිංචි කලයුතු බව දන්නවද?
-
GHR සමාගමේ නව සන්නාම තානාපති ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත්වී කිව්ව කථාව.


