Wednesday, September 16, 2026
HomeදේශීයBREAKING NEWS: හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

BREAKING NEWS: හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවුණා.

කළුතර රෝහලේ අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ මේ වන විට පාලිත තෙවරප්පෙරුම මහතාගේ සිරුර එම රෝහලේ තැන්පත් කර ඇති බවයි.

විදුලි සැර වැදීමක් හේතුවෙන් හිටපු මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වුවත් එය මෙතෙක් රෝහල් ආරංචි මාර්ග විසින් තහවුරු කර නැහැ.

1960 වසරේ දී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ කතා බහට ලක් වූ පෙරලිකාර චරිතයක් වෙනවා.

READ:   පාලිත තෙවරප්පෙරුමට අවසන් ගෞරවය දක්වන්න විශාල ජනකායක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්