Sunday, May 31, 2026
Homeදේශීයනිමල් සිරිපාල ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවයි: තුන්දෙනෙක් පක්ෂ මූලස්ථානයේ යතුරු අරන් ගිහින්

නිමල් සිරිපාල ශ්‍රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවයි: තුන්දෙනෙක් පක්ෂ මූලස්ථානයේ යතුරු අරන් ගිහින්

පුද්ගලයින් තුන් දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ යතුරු රැගෙන ගොස් ඇති බැවින් ඔහු යළි යතුරු රැගෙන එන තෙක් එම කාර්යාලය යළි විවෘත කිරීමට නොහැකි වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

නිදහස් පක්ෂ මූලස්ථානය ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සපභාපති අමාත්‍ය නිමල් සිරිපාලගේ ප්‍රධානත්වයෙන් අද එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීන්දු තීරණ ගැනීමට නියමිතයි.

කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වෙන එම රැස්වීම නීති විරෝධී එකක් බවත් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පවසනවා.

ඒ නිමල් සිරිපාල මහතා වෙත ලිපියක් යොමු කරමින්.

READ:   කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාර දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්