Sunday, June 14, 2026
Homeදේශීයපොලිස් වෙඩි පහරින් තවත් පුද්ගලයෙකු මරුට

පොලිස් වෙඩි පහරින් තවත් පුද්ගලයෙකු මරුට

පාදුක්ක ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිසිය කළ වෙඩි තැබීමකින් 33 හැවිරිදි සැකකරුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ ඊයේ (07) මොරගහහේන ප්‍රදේශයේ වෙඩිතැබීමට සම්බන්ධ වෙඩික්කරු බවට සැක කරන අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

මාර්ග බාධකය තුළ දී රථ වාහන පරික්ෂා කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදී ඔහු පොලිසිය දෙසට වෙඩි තැබීමට උත්සහ කළ බවත් එහෙදී පොලිසිය කළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා මියගිය බවත් පොලිසිය සඳහන් කළා.

අද (08) අලුයම පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ක ප්‍රදේශයේ දී මාර්ග බාධකක් යොදා රථවාහන පරික්ෂා කර තිබෙනවා.

READ:   ටිරාන් අලස් මෙහෙයුමට කලින් අපරාධකරුවන්ට අවසන් නිවේදනය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්