Monday, July 27, 2026
Homeවිදේශීයදකුණු අප්‍රිකාවේ මාරක බස් අනතුරකින් 45ක් මරුට: 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරා ගනී

දකුණු අප්‍රිකාවේ මාරක බස් අනතුරකින් 45ක් මරුට: 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරා ගනී

පාස්කු මෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් දකුණු අප්‍රිකාවේ දී පාලමකින් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇය ගුවන් මගින් රෝහලට ගෙන යන ලද බව දකුණු අප්‍රිකානු ගුවන් විදුලි සංස්ථාව (SABC) වාර්තා කළා.

රීසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේව මෙහෙයක් සඳහා සහභාගී වීමට බස් රථය අදාළ පිරිස රැගෙන ගැබරොන් සිට ගමන් කර තිබෙනවා.

බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පාලමින් ඉවතට පැන මීටර් 50ක පඹණ ප්‍රපාතයකට ඇඳ වැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

මාමත්ලකල කදුවැටියේදී ගල් මතුපිටකට ඇද වැටී ඇති බස් රථය අනතුරින් පසුව ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

READ:   ඉන්දියාව කම්පා කරමින් තරුණ පවුලක් දරුවන් සමගින් සියදිවි නසා ගනී: හේතුව ලංකාවට සම්බන්ධ වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්