Saturday, September 12, 2026
Homeදේශීයකථානායකට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

කථානායකට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (19) විවාදයට ගැනීමට නියමිතයි.

ඒ අනුව එම විවාදය අද සහ හෙට යන දින දෙකෙහි උදෑසන 9.30 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට (20) පස්වරුවේ පැවැත්වෙන බවපාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීම තුළ කථානායකවරයාගේ හැසිරීම පිළිබඳව විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කථානායකට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ආවා.

READ:   UPDATE: චමින්ද වෙනුවට වාසලතිලක පාර්ලිමේන්තුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්