Thursday, July 23, 2026
Homeදේශීයමන්ත්‍රී ගාමිණි වලේබොඩ නිවසට රියදුරු නැති ලොරි රථයක් කඩා වදී

මන්ත්‍රී ගාමිණි වලේබොඩ නිවසට රියදුරු නැති ලොරි රථයක් කඩා වදී

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණි වලේබොඩ මහතා පදිංචි බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට ලොරි රථයක් කඩා වැදී තිබෙනවා.

රියැදුරෙකු නොමැතිව ධාවනය වූ මෙම ලොරි රථය ඊයේ (11) රාත්‍රියේ ඒ මහතාගේ නිවසට කඩා වැදී ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා නිවසේ සිට නැති අතර මෙම අනතුරින් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව තිබෙනවා.

අදාළ ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් මාර්ගයේ නවතා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය විසින් විමර්ශන සිදුකරනවා.

READ:   ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්