Monday, April 27, 2026
Homeදේශීයසංචාරක වීසා යොදාගනිමින් ගෘහ සේවයට ගොස් දුක් ගැහැට වලට මුහුණ දුන් කාන්තාවන්...

සංචාරක වීසා යොදාගනිමින් ගෘහ සේවයට ගොස් දුක් ගැහැට වලට මුහුණ දුන් කාන්තාවන් පිරිසක් දිවයිනට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක වීසා යොදාගනිමින් විවිධ තැරැව්කරුවන් විසින් ඕමාන් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා විදේශ ගතව විවිධ දුක් ගැහැට වලට මුහුණ දුන් කාන්තාවන් පිරිසක් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නගේ නියෝගය පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් පසු යළි දිවයිනට ගෙන්වා ගන්නා ලදී.

ඔවුන් විදේශ ගත කිරීමෙන් අනතුරුව ඕමාන් රාජ්‍යයේ දී එරට තැරැවිකරුවන් විසින් තැනින් තැනට විකුණමින් සේවයේ යොදවා ඇති අතර, පහරදීම්, අතවර, වැටුප් ලබා නොදීම ආදී ගැටළු හේතුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණ ඇත. මෙම පිරිස අතර මැදපෙරදිග ගෘහ සේවය සඳහා යෑමට සම්පුර්ණකලයුතු නිසි වයස වන අවුරුදු 23 ට අඩු කාන්තාවෝද සිටිති. මොවුන් සතුව විදේශ ගමන් බලපත්‍ර ද නොවු අතර ,ඕමාන් තානාපති කාර්යාලය මගින් තාවකාලික විදේශ ගමන් බලපත්‍ර සකස් කර ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර ඇත.

ශ්‍රීලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහින්ද හතුරුසිංහ මහත්මාගේ උපදෙස් අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම කාන්තාවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර නීති විරෝධී ලෙස මොවුන් විදේශ ගතකල ජාවාරම් කරුවන් නීතිය හමුවට පැමිණවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත. මෙම පිරිසෙන් කාන්තාවන් 07 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර, තවත් 09 දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉදිරියේදී ගෙන්වා ගැනීමට නියමිතය.

READ:   තම මියගිය පුතුගේ හදවතේ ස්වරය අසන අම්මා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්