Friday, April 17, 2026
Homeදේශීයශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්!

ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ ගැන මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්!

ශිව දෙවියන්ගේ පරම සත්‍ය ගුණ ,ශක්තීන් සහ බල පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා බ්‍රහ්මණ කුමාර රාජයෝග මධ්‍යස්ථානය සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් පසුගියදා (09) පැවැත්වුණා.

ඒ ඉන්දියාවේ සුවිශේෂ වන්දනාවට ලක්වන ශිව දේවාල දොළහක් පවතින අතර, එම දේවාලයන්ට අයත් ශිව දේවප්‍රතිමාවන්ගේ අනුරූ දොළහක් මෙම වැඩසටහනට එක්කර ගනිමින්.

file

එසේම ශිව භක්තිකයන්ට මෙම අනුරූ දැක බලා ගෙන වන්දනාමාන කිරීමට අවස්ථාව ද මෙහිදී සලසා දී තිබුණා.

file

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා , ශ්‍රී ලංකා බ්‍රහ්ම කුමාර රාජයෝග මධ්‍යස්ථානයේ නිලධාරීන්, හින්දු බැතිමතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

file

ශිව ශක්තිය සහ පරමාර්ථ, පරම සත්‍ය ශක්තිය පිළිබඳ කියැවෙන රාජයෝග ප්‍රදර්ශනයක් මෙන්ම පරම සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා භාවනා වැඩසටහනක් ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.

READ:   රටක් කතා කළ අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්