Monday, June 22, 2026
Homeදේශීයගෝඨා ගේ කුමන්ත්‍රණේ පොත දවස් තුනෙක් ඔක්කොම විකිණිලාලු

ගෝඨා ගේ කුමන්ත්‍රණේ පොත දවස් තුනෙක් ඔක්කොම විකිණිලාලු

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය මැයෙන්” පසුගියදා නිකුත් වූ කෘතිය ඊයේ (10) වන විට සම්පූර්ණයෙන්ම අලෙවී වී අවසන් බව දිනමිණ වාර්තා කරනවා.

එම කෘතිය එළි දැක්වූයේ ඉකුත් 07 වනදා යි.

එම පොත මිලදී ගැනීමට රටපුරා පොත්හල්වලින් විශාල වශයෙන් ඇණවුම් ලැබී ඇති බවත් ග්‍රන්ථය මුද්‍රණය කළ පසු තවත් තොගයක් බෙදා හැරීම සඳහා රැගෙන ආ බවත් විජිත යාපා පොත් ප්‍රකාශන ආයතනය පවසනවා.

විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් පොත්සල්වලින් මෙම ග්‍රන්ථය මිල දී ගෙන ඇති බවත් එයින් වැඩි පිරිස දේශපාලනඥයන් බව එම ආයතනය පැවසු බව දිනමිණ අද වාර්තා කළා.

READ:   ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම ගැන විශේෂ පරීක්ෂණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්