Saturday, April 25, 2026
Homeදේශීයත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරින් තිදෙනෙකු මරුට

ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරින් තිදෙනෙකු මරුට

පොතුහැර, බුළුගොල්ල හංදිය අසල දී ලොරි රථයක් සහ ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කුරුණෑගල සිට කොළඹ දක්වා ධාවනය වූ එළවළු ප්‍රවාහනය කළ ලොරියක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රී රෝද රථයක්.

මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී තුන්දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

READ:   හම්බේගමුවේ වෙඩි පත්තුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්