Friday, July 24, 2026
Homeදේශීයකෙහෙළිය රඹුක්වැල්ල යළි රිමාන්ඩ්

කෙහෙළිය රඹුක්වැල්ල යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ මාර්තු 14 වනදා දක්වා යි.

ඊයේ (29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව යළි කැඳවූ අවස්ථාවේ දී අධිකරණය විසින් මෙම තීරණය ලබා දී තිබෙනවා.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලද විශේෂඥ වෛද්‍ය කමිටුවේ වාර්තාව ඊයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඔහු සිය රෝග තත්ත්වය පිළිබඳ ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් පෙර දින අධිකරණය මගහැර ඇති බවයි.

READ:   සොරකම දඬුවම සහ මිනිසත්කම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්