Saturday, May 2, 2026
Homeදේශීයපාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවට අධිකරණ නියෝගයක්

පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාවට අධිකරණ නියෝගයක්

පොල්දූව වටරවුමේ සිට පාර්ලිමේන්තු මාර්ගය ඇතුළු ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවක් වළක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මාර්ගය භාවිත කරන මහජනතාවට හා පදිකයින්ට අවහිර වන සේ කිසිදු මාර්ගයක් හරස් කර හෝ ප්‍රචණ්ඩක්‍රියා නොකිරීමටත්, මහජන නියොජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජකාරියේ යෙදී සිටින රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි සඳහා බාධාවක් සිදුවන අයුරින් හෝ කිසිදු පුද්ගලයෙකුට අවහිරයක් නොවන අයුරින් අදාළ උද්ඝෝෂණය සිදුකිරීමට වගබලාගත යුතු බව අධිකරණය දැනුම්දී තිබෙනවා.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ විරෝධතාකරුවන් පිරිසක් විසින් අද (24) මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

READ:   විදුලි සේවකයන්ගේ අර්ථසාධක හා විශ්‍රාම වැටුප් ගෙවන්න වෙනම ආයතනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්