Sunday, July 26, 2026
HomeදේශීයUPDATE: පොලිස් වෙඩිල්ලට ජීවිතයෙන් වන්දි ගෙවූ නාරම්මල තිදරු පියාට පොලිසියෙන් මිලියනයක්

UPDATE: පොලිස් වෙඩිල්ලට ජීවිතයෙන් වන්දි ගෙවූ නාරම්මල තිදරු පියාට පොලිසියෙන් මිලියනයක්

පෙරේදා (18) රාත්‍රියේ නරම්මල දී උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මරණයට පත් වූ ලොරි රථයේ රියදුරාගේ පවුලේ ඥාතීන් සඳහා වන්දියක් ගෙවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියනයක වන්දියක් මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් වෙත ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අලව්ව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් එම පරිත්‍යාගය කළ බව පොලිසිය පවසනවා.

මෙලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ, මහාරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි තිදරු පියෙකු වන අතර, ඔහු වෘත්තීයෙන් වඩු කාර්මිකයෙක් ලෙස කටයුතු කර තිබුණා.

READ:   ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්