Thursday, July 30, 2026
Homeක්‍රීඩාT20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 09 කින් ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු එකක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 82ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 15 කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ඇන්ජිලෝ මැතිව්ස් සහ මහීෂ් තීක්ෂණ කඩුලු 02 බැගින් දවා ගත්තා.

සිම්බාබ්වේ වෙනුවෙන් සාර්ථකම පිතිකරුවා වූ Brain Bennet පන්දු 12 කින් ලකුණු 29ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් ලබා තරගය ජය ගත්තා.

පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39 (23) යි. කුසල් මෙන්ඩිස් ලකුණු 33 (27) සහ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 15ක් රැස් කළා.

ඒ අනුව 2ට එකක් ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකාව සතුකර ගත්තා.

READ:   බංග්ලාදේශයට සුපිරි ජයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්