Friday, September 11, 2026
Homeදේශීයපැය 24න් 877ක් අත්අඩංගුවට

පැය 24න් 877ක් අත්අඩංගුවට

අද (16) අලුයමෙන් අවසන් වූ පැය 24 තුළ යුක්තිය මෙහෙයුමට අදාළව ක්‍රියාත්මක වූ වැටලීම් අතරතුර දී සැකකරුවන් 877ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 04ක් සම්බන්ධ ව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තවත් පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 28 දෙනෙකු ද මෙම වැටලීම් අතරතුර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම් වලදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්,

හෙරොයින් 475 g
අයිස් 501 g
ගංජා 7 kg 900 g
ගංජා පැල 3605 ක්
මාවා 305 g
මදන මෝදක 137 g
මත්පෙති 126 ක්

READ:   මාතර කලා උළෙල ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්