Wednesday, June 3, 2026
Homeදේශීයසෞඛ්‍ය සේවකයින් යළි වර්ජනයට

සෞඛ්‍ය සේවකයින් යළි වර්ජනයට

වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000ක දීමනාව ලබා දීමට එරහිව එම දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා යළි වර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (16) පෙරවරු 6.30 සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා.

තම ඉල්ලීම් වලට මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු සාකච්චාවක් ලබා දී නොමැති බවයි වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

මේ අතර වර්ජනය මැඩපැවැත්වීමට හමුදා බලය යොදවන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමට සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.

READ:   වෘත්තිය සමිති 72ක් යළි සෞඛ්‍ය වර්ජනයේ: රෝගීන් දැඩි අපහසුතාවයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්