Saturday, May 30, 2026
Homeදේශීයබ්‍රිතාන්‍ය ඈන් කුමරිය යන්න යයි

බ්‍රිතාන්‍ය ඈන් කුමරිය යන්න යයි

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ඈන් කුමරිය සිය සංචාරය නිමා කරමින් අද (13) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් -505 ගුවන් යානයෙන්.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා රජය කළ ආරාධනයකට අනුව ඈන් කුමරය මෙරට සංචාරයට එක් වුණා.

එහිදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකාච්ඡා පැවැත්වූ අතර රිජ්වේ ආර්යා ළමා රෝහල නිරීක්ෂණය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව නැරඹීම, කිලිනොච්චිය ඇතුළු ප්‍රදේශ රැසක සංචාරය ද සිදු කළා.

READ:   ඇකිරියන්කුඹුර - දෙහිගම මිනිස්සුන්ගේ ඛෙදවාචකය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්