Saturday, April 25, 2026
Homeදේශීයහැමදාම වැට් ගහන් නෑ!! - කෘෂි ඇමති

හැමදාම වැට් ගහන් නෑ!! – කෘෂි ඇමති

රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගනු ලැබුවද දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නොමැති බව කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරියවැව විහාරගල ගම්මානයේ ගොවි පවුල් සඳහා පොල්පැළ බෙදා දීමේ වැඩ සටහනකට සහභාගි වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

වැට් බදු ඉහළයාම නිසා භාණ්ඩ මිල ඉහළ යනු ඇතැයි මේ දිනවල සමාජය තුළ විශාල කතිකාවතක් පවතිනවා. ඇතැම් භාණ්ඩවල මිල ඉහළයාමක් සිදුවිය හැකියි. නමුත් අපි රජයක් වශයෙන් මේ බදු පනවන්නේ සතුටින් නොවෙයි නමුත් මේ රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගන්නවා. දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නැහැ.

ගොවී ජනතාව නිරන්තරයෙන් මගෙන් අහනවා මෙම වැට් බදු නිසා පොහොර මිල ඉහළ යාමක් සිදුවේදැයි මහජනතාව මගෙන් නිතර විමසනවා. මම කියන්නේ මෙවර මහ කන්නය සඳහා අවශ්‍ය සියලු පොහොර මේ වනවිට රටට ආනයනය කර අවසන්. ඒවා ආනයනය කර තිබෙන්නේ පැරණි මිල ගණන් යටතේයි. ඒ සඳහා වැට් අය කිරීමක් නැහැ. ඒ නිසා මෙවර මහ කන්නයේ ඉදිරියට අලෙවි වන පොහොරවල මිල වැඩි වීමක් සිදු කළ නොහැකියි.

කවුරුහරි කූඨ අලෙවිකරුවෝ දෙතුන් දෙනෙක් වැඩි මිල ගණන් යටතේ අලෙවි කළහොත් මම කියන්නේ ඔවුන්ගෙන් බිල්පතක් ලබා ගන්න. ඒක අපිට එවන්න. අපිට පුළුවන් ඊට අවශ්‍ය නීතිමය පියවර ගන්න.

READ:   මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉඩමක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්