ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.
ඒ අද සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන පරිදි යි.
ඒ අනුව,
* කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250ක්.
* කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,707ක්.
* කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 795ක් වෙනවා.


