Wednesday, July 22, 2026
HomeදේශීයBREAKING NEWS: ඉන්ධන මිල වෙනස් වෙයි

BREAKING NEWS: ඉන්ධන මිල වෙනස් වෙයි

සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අද (01) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි යි.

ඒ අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක්.

පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 464ක් බවයි සංස්ථාව සඳහන් කරන්නේ.

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 358ක්.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 475ක් වනවා.

මේ අතර භූමිතෙල් ලීටරයක් රුපියල් 11 කින් පහළ දැමීමටයි එම ආයතනය කටයුතු කර ඇත්තේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 236ක්.

fuel
READ:   සකර්බර්ග්ගේ අලුත උපන් දියණියට ලොව වටා ප්‍රතිචාර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්