Monday, April 20, 2026
Homeදේශීයඅමාත්‍යංශ 10කට නව ලේකම්වරු 

අමාත්‍යංශ 10කට නව ලේකම්වරු 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරු 10 දෙනෙකු සහ පළාත් දෙකක් සඳහා ප්‍රධාන ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබෙනවා.

අද උදෑසන එම පත්වීම් සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේ.

අදාළ පත්වීම් ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක යි.

ඒ අනුව,

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා වසන්තා පෙරේරා මහත්මිය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යංශය සඳහා එන්.එම්.රණසිංහ මහතා.

වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ සඳහා ගුණදාස සමරසිංහ මහතා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සඳහා ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා ඩබ්ලිව්. පී.පී යසරත්න මහතා.

වාරිමාර්ග අමාත්‍යාංශය සඳහා සමන් දර්ශන පාඬිකෝරාල මහතා.

පරිසර අමාත්‍යාංශය සඳහා බී. කේ. පී. චන්ද්‍රකීර්ති මහතා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහා ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා.

තාක්ෂණ අමාත්‍යාංශය සඳහා ධර්මශ්‍රී කුමාරතුංග මහතා.

යන අය නව ලේකම්වරු ලෙස පත් කර ඇති අතර උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ලෙස ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා ද, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය ද පත් කර තිබෙනවා.

READ:   දේශපාලන මැදිහත් වීමෙන් ව්‍යාපාරිකයෙකුට ගල්ඔය ජාතික වනෝද්‍යානයේ මැණික් හෑරීමට අවසර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්