Friday, April 24, 2026
Homeදේශීයසිරකරුවන් නිරීක්ෂණයට විශේෂ පද්ධතියක්

සිරකරුවන් නිරීක්ෂණයට විශේෂ පද්ධතියක්

විශේෂිත සිරකරුවන් ප්‍රවාහනය කරන බන්ධනාගාර බස් රථ සඳහා ආරක්ෂක කැමරා පද්ධතියන් සවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂක විධිවිධාන තර කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී.දිසානායක මහතා සඳහන් කළේ.

බන්ධනාගාර තුළින් රැඳවියන් බැහැරට රැගෙන යාමේදී බස් රථ තුළ රැඳවියන් සහ නිලධාරීන් කටයුතු කරන ආකාරය නිරීක්ෂණය කිරීම ද මෙහි අරමුණක්.

ඇතැම් අවස්ථාවල බන්ධනාගාර බස් රථ තුළට පිටත සිට මත්ද්‍රව්‍ය විසිකරන අවස්ථා පවතින බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ඇෆ්ගනිස්ථාන - පාකිස්තාන පළමු තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්