Friday, April 24, 2026
Homeදේශීයඅයවැය විවේචනය කළ අයට සියඹලාපිටියගෙන් මරු පහරක්?

අයවැය විවේචනය කළ අයට සියඹලාපිටියගෙන් මරු පහරක්?

මාසයක් තුළ පැවති අයවැය විවාදයේදී , විවිධ චෝදනා සහ වියදම් සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කළ කිසිවෙක් ආදායම් සම්බන්ධයෙන් කිසිදු විකල්පයක් ඉදිරිපත් නොකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

දෙහිඕවිට කහනාවිට කනිෂ්ඨ විද්‍යාලයයේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

යම් හෙයකින් 2024 වර්ෂයට අදාළ අයවැය ලේඛනය සම්මත නොවූවා නම් දෙසැම්බර් මස 31 දින රාත්‍රියෙන් පසුව , විශ්‍රාම වැටුප් ගෙවීම සහ විදේශ ණය ගෙවීම හැර කිසිදු වියදමක් දැරීමට හෝ කිසිදු ආදායමක් එක්රැස් කර ගැනීමට රජයට අවස්ථාවක් නොමැති බව රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දෙනවා.

අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා , මෙම අයවැය යෝජනාවලට වඩා විකල්ප යෝජනා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස විවෘත ආරාධනයක් කළ ද අයවැයට විරුද්ධ පිරිස් මාසය තුළ ම සිදුකළේ විවේචනය කිරීම පමණක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුඹු කිරීමට උපදෙස්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්