Wednesday, July 29, 2026
Homeදේශීය"සකුරායි" ගුවන් සේවයේ මෙහෙයුම් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවයි

“සකුරායි” ගුවන් සේවයේ මෙහෙයුම් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවයි

“සකුරායි” ගුවන් සේවයේ සියලු ගුවන් මෙහෙයුම්, වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

ඒ, එම සමාගමට අයත් ගුවන් යානා 02 ක් ආසන්න අවස්ථා දෙකකදී කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා, හදිසියේ අතරමග ගොඩබැස්සවීමට සිදුවීම හේතුවෙනි.

හදිසියේ ගොඩ බැස්සවූ එම සමාගමේ ගුවන් යානා දෙක සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණ කටයුතු අවසන්වන තුරු මෙලෙස එහි මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කර ඇත.

kurai

මෙයින් එක් සැහැල්ලු ගුවන් යානාවක් දෙසැම්බර් 12වනදා පයාගල මුහුදු වෙරළට හදිසියේ ගොඩබැස්වීමක් සිදු කර තිබු අතර අනෙක් යානාව ඊයේ(27) කටාන, කිඹුලාපිටිය ප්‍රදේශයේ දී හදිසියේ ගොඩ බැස්සවීම සිදු කර තිබුණි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

PICTURES : AVIATION FLASH

READ:   චැනල් ෆෝ චෝදනා ගැන හොයන්න විශේෂ කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්