Friday, May 15, 2026
Homeදේශීයතැපැල් වර්ජනය කුමන්ත්‍රණයක්?

තැපැල් වර්ජනය කුමන්ත්‍රණයක්?

මේ වන විට ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය පෞද්ගලික අංශයේ කුමන්ත්‍රණයක් බවට සැක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා.

වර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

තැපැල් දෙපාර්තමේන්තුව දිගටම පාඩු ලබා මේ වසරේ අවසාන වන විට පාඩුව අවම කිරීමට කටයුතු කර ඇති බවත් තැපැල් සේවයට සමාන සේවය සිදු කරන පෞද්ගලිකව ආයතනවල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට සැක කරන බවත් අමාත්‍යවරයා පවසනවා.

නුවරඑළිය තැපැල් කාර්යාලය ආයෝජනයකට ලබා දෙනවා මිසක් විකිණීමක් සිදු නොකරන බවත් අදාළ කාරයාලය වෙනුවෙන් වෙනත් තැනැක් ලබා දෙන බවත් ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

ආදාළ තැපැල් වෘත්තීය සමිති සමග විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමන් සාකච්ඡා කර ඔවුන්ගේ සියලු අභ්‍යන්තර ගැටලු විසඳා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

නුවරඑළිය තැපැල් කාර්යාලය ලබා දීමට එරෙහිව සහ වැටුප් 20,000ක් වැඩි කරන ලෙස තැපැල් සේවකයින් කරන ඉල්ලීම දෙකම ප්‍රතිපත්තිමය කාරණා බව අමාත්‍යවරයා පවසනවා.

මහනුවර තැපැල් කාර්යාලයක් පෞද්ගලික අංශයකට ලබා දීමක් ගැන මෙතෙක් තීරණය කර නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

READ:   විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහි විදුලි සේවක විරෝධතාව අදත් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්