Wednesday, June 3, 2026
Homeදේශීයවතුකරේ කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීම ගැන තීරණයක්

වතුකරේ කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීම ගැන තීරණයක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව සාමූහික ගිවිසුමකට එළැඹෙන ලෙසත්, වතු කම්කරුවන් ඉල්ලා සිටින අවම දෛනික වැටුප වන රුපියල් 1700ක මුදල ලබා දීම හෝ වැඩි කරන වැටුප් ප්‍රමාණය පිළිබඳව මෙම දෙසැම්බර් මස 31 වනදාට පෙර දැනුම් දෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි සමාගම් ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වැවිලි සමාගම් ප්‍රධානීන් සමග ඊයේ (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.

මෙවර අයවැයෙන් යෝජනා කරන ලද කෘෂිකාර්මික නවීකරණ වැඩපිළිවෙලට අනුව ප්‍රාදේශීය වැවිලි සමාගම් ඔවුන්ගේ වැඩපිළිවෙළ සකස් කරගන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

file
READ:   ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය නිකුත් වෙයි.. (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්