Thursday, September 10, 2026
Homeදේශීයරටක් කතා කළ අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි

රටක් කතා කළ අතුරුදන් වූ පොලිස් නිලධාරියාගේ නිසල සිරුර හමුවෙයි

ඇළකට පැන යාමට තැත් කළ සැකකරුවකු අල්ලාගැනීමට යාමේදී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර හමුවී තිබෙනවා.

ඒ මීගමුව කලපුව ආසන්නයේ පමුණුගම සේදවත්ත ප්‍රදේශයේ තිබියදී.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වන චාවකච්චේරියේ පදිංචි, ජාඇළ පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.

පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු ඊයේ (23) පළා යෑමට උත්සාහ කර ඇති අතර එහිදී සැකකරු ජාඇළට පැන තිබුණා.

සැකකරු අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඔහු ලුහුබැඳ ඇති අතර එහිදී ඇළට පැන්න එක් පොලිස් නිලධාරියකු සැඩ පහරට හසුවී අතුරුදන්ව ගියා.

READ:   බයික් එකෙන් ගිහින් මත්ද්‍රව්‍ය බෙදූ කපල් එකක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්