Sunday, June 14, 2026
Homeදේශීයනාමල් ඡන්දය දීමෙන් වැළකෙයි. ජනතාවට සහන ලබාදීමට පෙනී සිටින බව කියයි.

නාමල් ඡන්දය දීමෙන් වැළකෙයි. ජනතාවට සහන ලබාදීමට පෙනී සිටින බව කියයි.

අයවැය යෝජනාව දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීමේ දී ඊට ඡන්දය ලබා නොදී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.

ගියවර අයවැය තුළ වූ යෝජනා මෙවර අයවැය තුළ ද වන බවත් එහි ඇතැම් යෝජනා ප්‍රයෝගිකව ඉටු කළ නොහැකි බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසනවා.

ඒ අනුව අයවැය පරාජය කිරීමේ වගකීම ඇති විපක්ෂයට අයවැය පරාජය කිරීමේ උවමනාවක් නැති බවයි නාමල් මහතා පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිට ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීම තම යුතුකම බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ඡන්දය ගැන නෙවෙයි.. ජනතාව විශාල ගැටලුවකට මහුණ දීලා ඉන්නවා! ඒ ගැන කතා කරන්න - නාමල් ගෙන් මාධ්‍යට ඉල්ලීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්