Thursday, April 30, 2026
Homeදේශීයනව රජයේ අගමැති සුබ මොහොතින් රාජකාරි අරඹයි

නව රජයේ අගමැති සුබ මොහොතින් රාජකාරි අරඹයි

අභිනව රජයේ නව අග්‍රාමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ මහින්ද රාජපක්ෂ මහතා අද (11) අරලියගහ මන්දිරයේ දී සිය ධූරයේ රාජකාරි මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ආරම්භ කළේ ය.

මහමැතිවරණයෙන් වාර්තා ගත මනාප ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ජනතාව විසින් තෝරා පත් කර ගත් අභිනව නව රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පසුගිය (9) දින කැළණිය රජමහා විහාරස්ථානයේ දී මහත් අභිමානයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේ ය.

නවවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තෝරා පත්කර ගැනීමට මෙමස 5 වැනි දා පැවැති ඡන්ද විමසීමෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  ආණ්ඩු බලය හිමිකර ගැනුමට සමත් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයා වශයෙන් කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතා 1970 වර්ෂයේ දී පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ  සිවුවැනි වතාවටය.

වසර 50ක දේශපාලන ඉතිහාසයකට උරුමකම් කියන මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, කැබිනට් ඇමැතිවරයකු ලෙස, විපක්ෂ නායකවරයකු කටයුතු කළ අතර මීට පෙර
තෙවරක් අගමැතිවරයකු ලෙසත් දෙවරක් ජනාධිපතිවරයකු ලෙසත් කටයුතු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ 2004 වසරේ අප්‍රේල් මස 06 වැනිදාය. අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් 26 වැනි දාත්, 2019 නොවැම්බර් මස 21 වැනි දාත් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

මේ අවස්ථාවට මැති ඇමැතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ

News.lk

READ:   හොරට රට යවන්න ව්‍යාජ ලේඛන සැදූ මධ්‍යස්ථානයක් වටලයි..
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්