එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.
ඒ දකුණු අප්‍රිකාව කඩුලු 3 කින් පරාජය කරමින්.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් තුළ ලකුණු 212කට දැවී ගියා.
දකුණු අප්‍රිකාවේ සාර්ථකම පිතිකරුවා වූ David Miller ලකුණු 101 (116) ක් රැස් කළා.
Heinrich klaasen ලකුණු 47(48) යි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Mitchell Starc සහ Pat Cummins කඩුලු 3 බැගින් බිඳ දැමුවා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 213ක ඉලක්කයක් හබා ගිය ඕස්ට්‍රේලියාව පන්දුවාර 47යි පන්දු 2ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.
Travis Head ලකුණු 62 (48) යි.
Steve Smith ලකුණු 30 (62) ක් සහ David Warner ලකුණු 29 (18)ක් වශයෙන් රැස් කළා.
ඒ අනුව මෙවර ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය ඕස්ට්‍රේලියාව සහ සත්කාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.


