Friday, April 24, 2026
Homeක්‍රීඩාදකුණු අප්‍රිකාව 212කට සීමා වෙයි

දකුණු අප්‍රිකාව 212කට සීමා වෙයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.

ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ බිඳ වැටුණු දකුණු අප්‍රිකා ඉනිම තරමකට හෝ ශක්තිමත් කිරීමට David Miller සමත් වුණා.

ඒ පන්දු 116කින් ලකුණු 101ක් රැස් කරමින්. ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් ද ඇතුළත් වුණා.

Heinrich klaasen ලකුණු 47 (48) යි.

අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාවට පැමිණීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Mitchell Starc සහ Pat Cummins කඩුලු 03 බැගින් බිඳ දැමුවා.

READ:   තුන්වන තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්