Wednesday, July 22, 2026
Homeක්‍රීඩාඉන්දියාවෙන් දැවැත්ත ඉලක්කයක්

ඉන්දියාවෙන් දැවැත්ත ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 397ක් රැස් කළා.

එහිදී ඉන්දියාව වෙනුවෙන් Virat Kohli සහ S.Iyer ශතක රැස් කළා.

එක්දින පිටියේ සිය 50 වන ශතකය රැස් කරමින් විරාත් කෝලි එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක ලාභියා බවට අද පත්වුණා.

ඒ එම ස්ථානය හිමිකර ගෙන සිටි ඉන්දීය හිටපු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පසුකරමින්.

ඒ අනුව කෝලි පන්දු 113කින් ලකුණු 117ක් රැස් කළා. ඊට හතරේ පහර 9ක් සහ හයේ පහරවල් 2ක් ද ඇතුළත්.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ S. Iyer පන්දු 70කින් ලකුණු 105ක් ලබා ගත්තා.

ඒ දැවැන්ත හයේ පහරවල් 8ක් සහ හතරේ පහර 4ක් ද සමගින්.

Shubman Gill ලකුණු 80ක් ලබා සිටියදී ආබාධක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

පන්දු යැවීමේදී Tim Southee කඩුලු 03ක් බිඳ දැමුවා.

READ:   ලෝක කුසලානයේ ශ්‍රි ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්