එළැඹෙන උත්සව සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින තත්ත්වය හමුවේ මුද්‍රිත කඩදාසියේ ඝණත්වය, ආරක්ෂිත නූල, දිය සලකුණ ඇතුළු වෙනත් සලකුණු පිළිබඳ මෙන්ම නෝට්ටුවේ සැහැල්ලුභාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සිදු වීම් පසුගිය මාසයේ සහ මේ මාසයේ බහුලව වාර්තා වී ඇති බැවින් එවැනි සිදු වීම් සම්බන්ධයෙන් විමර්ශනයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් දිවයින පුරා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද හෙතෙම කීය.
පසුගිය දින කිහිපයේ කිරුළපන, පාදුක්ක, මහනුවර, රංගල සහ කළුතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථාන රැසක් වටලා ඊට සම්බන්ධ සැකකරුවන් පිරිසක් සහ මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපාංග තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
වැඩි වශයෙන් රුපියල් 5000 සහ 1000 ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ ප්‍රවණතාවක් දක්නට ඇති අතර, උත්සව සමයේ පවතින අධික වෙළෙඳපොළ තදබදය භාවිත කරමින් කූඨ අයුරින් මේ මුදල් නෝට්ටු නිකුත් කරන බව පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධ ඕනෑම තොරතුරක් 119 පොලිස් හදිසි දුරකතන අංකයට හෝ ළඟම ඇති පොලිසියට දැනුම් දීමට පියවර ගන්නා ලෙස ද පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
(දිනමිණ පුවත්පතෙන්)


