Sunday, April 26, 2026
Homeදේශීයචිලී වැසියෝ අවුරුදු 35ක තරුණයෙකු සිය ජනාධිපති ලෙස තෝරා ගනිති

චිලී වැසියෝ අවුරුදු 35ක තරුණයෙකු සිය ජනාධිපති ලෙස තෝරා ගනිති

චිලී ජනාධිපතිවරණයෙන් ගේබ්‍රියෙල් බෝරික් එරට නව ජනාධිපති ලෙස තේරී පත් ව තිබේ. ඔහුගේ වයස තවමත් අවුරුදු 35 ක් පමණයි.චිලී ඉතිහාසයේ ලාබාලතම ජනාධිපති ලෙස ගේබ්‍රියෙල් සටහන් වනු ඇති.

බෝරික්ගේ ජයග්‍රහණයෙන් පසු සන්තියාගෝ අගනුවර වීදිවල ඔහුගේ ආධාරකරුවන් ධජ ලෙළවමින් සහ මෝටර් රථ නලා නාද කරමින් සැමරීමට කටයුතු කළ බව විදෙස් වාර්තාවල සඳහන්.

ඔහුගේ කතාවේදී, බෝරික් පැවසුවේ නිහතමානීවත් “විශාල වගකීම් සහගත හැඟීමකින්” තමා තනතුර භාර ගන්නා බවයි. වාමාංශික පක්ෂයක් නියෝජන කරන බොරික් හිටපු ශිෂ්‍ය නායකයෙක්. ගේබ්‍රියෙල් බෝරික් ලබන වසරේ මාර්තු 11 වනදා ධුරයේ දිවුරුම් දීමට නියමිතයි

READ:   අද ප්‍රදේශ කිහිපයකට වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්