Sunday, July 26, 2026
Homeදේශීයපර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි

පර්සි අබේසේකර අභාවප්‍රාප්ත වෙයි

මෙරට ක්‍රිකට් දිරිගන්වන්නෙකු ලෙස කටයුතු කළ ‘පර්සි අංකල්’ කී සැනින් කව්රුත් හඳුනන පර්සි අබේසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට ඒ මහතා 87 වන වියෙහි පසුවුණා.

පර්සි අබේසේකර මහතා 1936 වසරේ ජූලි 30 වන දා ගාල්ල, බූස්සේදී උපත ලබා තිබෙනවා.

ක්‍රිකට් ලෝලින් අතර මෙන්ම ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් අතරත් ආදරය ගෞරවය දිනා සිටි පර්සි අබේසේකර මහතා 1979 ක්‍රිකට් ලෝක කුසලානයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිරි ගැන්වීමට ජාතික ධජය රැගෙන කටයුතු කළා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඇතුළු ක්‍රිකට් ක්‍රිඩකයින් පිරිසක් රෝගාතුරව සිටි පර්සි අබේසේකර මහතාගේ සුවදුක් බැලීමට පසුගිය දිනක ඔහුගේ නිවසට පැමිණ තිබුණා.

ඒ නිමාවූ ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලිය අතරතුර දී.

file
file
READ:   ජාතික රෝහලේ දී පුද්ගලයෙකු මියයෑම: මේක හදිසි අවස්ථාක් - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්