Thursday, June 11, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය ලබයි

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු ජය ලබයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ Sybrand Engelbert ලකුණු 70(82)ක් සහ Lorgan Van Beek පන්දු 75කින් ලකුණු 59ක් වශයෙන් රැස් කළා.

පන්දු යැවීමේදී දිල්ශාන් මධුසංක සහ කසුන් රාජිත කඩුලු 4 බැගින් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් තුළ ලකුණු 263ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 91 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහණය කරා ගෙන ගියා.

පැතුම් නිස්සංක ලකුණු 54 (52) ක් , චරිත් අසලංක ලකුණු 44 (66) ක් වශයෙන් රැස් කළා.

ධනංජය ද සිල්වා ලකුණු 30 (37) යි.

READ:   කැන්ඩි සහ ගාල්ල තීරණාත්මක LPL තරගය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්