හෙද නිලධාරීනී මහේෂා දිල්රුක්ෂි මෙම වසංගතයක් පැතිර යන සමයක සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලුවක් ගැන සිය අත්දැකීමක් මෙසේ සටහන් කර තිබුණා. ඇය සිදු කර ඇත්තේ විශාල කැපකිරීමක්.
උපුටා ගැනීම
හදිසි අනතුරක් වෙලා ශල්‍යකර්මයකින් පස්සේ වාට්ටුවට ආපු තවත් ලෙඩෙක්.මැරෙන්න පණ අදිනවා.රැපිඩ් ටෙස්ට් රිපෝට් එනකල් මොකුත් කර ගන්න බෑ පොතේ නම් එහෙමයි.අනේ එහෙමයි කියලා කොහොම නම් බලා ඉන්නද ජීවිතෙත් මරණෙත් අතර පොරකන ඒ මනුස්සයා දිහා.පී පී කිට් දාගන්න කොයින්ද වෙලාවක්.හනික වටවෙලා පුලු පුලුවන් විදියට දැඟලුවෙම ජීවත් කරවන්න.ඔට්ටු වෙවී ඉන්න අතරෙ ආවා ඇන්ටිජන් රිපෝට් එක ලෙඩාගේ…
දෙයියනේ පොසිටිව්…
ඒ කියලා කොහොම නම් නවත්තන්නද මේ මනුස්සයව ජීවත් කරවන්න ඔට්ටු වෙන එක.
එක දිගට මහ වෙලාවක් දැඟලුවත් අනේ අපි පරාදයි .තවත් තාත්තෙක් උපතින්ම කතා කර ගන්න බැරි අවුරුදු එකොලහක කොලු පැටියෙක්.අවුරුදු පහක කෙලි පැටික්කියක් එක්ක අම්මෙක්ව දාලා සදහටම යන්න ගියා.
දන්නවද මගේ තාත්තත් මට අවුරුදු පහක් වෙද්දි මාව දාලා යන්නම ගියා… සමහර සිදුවිම් හරිම ඉක්මනින් අපිව අතීතයට අරන් යනවා .හිතට තියන එකම සැනසිම අපිට පුලුවන් උපරිම දේත් අපි කලා කියන එක විතරමයි.
එදා ඒ සිදුවීමේ ප්‍රතිඵල මටත් ලැබිලා..
අද මම පොසිටිව්..
දුකක් නැහැ කොයිමවත්… නිකරුනේ නොසැලකිල්ලෙන් ලෙඩ හදා ගන්න මිනිස්සු අතරේ මනුස්සයෙකුට ජීවිතේ දෙන්න ඔට්ටු වෙලා මෙහෙම උන කෝවිඩ් ලෙඩෙක් .
-මහේෂා දිල්රුක්ෂි (හෙද නිලධාරීනී)





