Friday, April 24, 2026
Homeදේශීයදුම්බර රටා උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක්

දුම්බර රටා උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක්

මහනුවර දිස්ත්‍රික්කයට අයත් දුම්බර ප්‍රදේශයට ආවේණික සාම්ප්‍රදායික කර්මාන්තයක් වන දුම්බර රටා ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාවක් සංස්කෘතික අමාත්‍යංශය යුනෙස්කෝවට ඉදිරිපත් කර ඇත.

යුනෙස්කෝ වාර්ෂික සමුළුව පසුගිය 13 ප්‍රංශයේදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාවේ යෝජනාව අද (15) අධීක්ෂණය කර සම්මත කෙරෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) ටී.එන්. හෙට්ටිආරච්චි මහතා පවසයි.

දුම්බර රටා කර්මාන්තය කුවේණි යුගයට නෑකම් කියන්නකි.

වර්තමානයේ මහනුවර දිස්ත්‍රික්කයේ, කුණ්ඩසාල ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් කලාසිරි ග්‍රාමයේ පවුල් 120ක් පමණ ගෘහ ආශ්‍රිත ජීවනෝපායක් ලෙස දුම්බර රටා කර්මාන්තයෙහි නිරතව සිටිති.

ඔවුන්ගෙන් එක් කුටුම්භයක් මාසිකව රුපියල් 15,000ක පමණ අතිරේක ආදායමක් උපයා ගනී. කොරෝනා වසංගතය හමුවේ සංචාරක ව්‍යාපාරය අඩවණ වී ඇති බැවින් දේශීය මධ්‍යම පාන්තිකයන් අරමුණු කර ගනිමින් දුම්බර රටා කර්මාන්තය දැන් ක්‍රියාත්මක වන බව අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්

READ:   දිවයින පුරා වියළි කාලගුණයකට හැරෙයි: ජනතාවට උපදෙස්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්