Monday, July 27, 2026
Homeදේශීයඊශ්‍රායල යුද්ධයට මැදිවූ ඉන්දියානුවන් මව් රටට රැගෙන ඒමට විශේෂ මෙහෙයුමක් 

ඊශ්‍රායල යුද්ධයට මැදිවූ ඉන්දියානුවන් මව් රටට රැගෙන ඒමට විශේෂ මෙහෙයුමක් 

ඊශ්‍රායලයේ සිටින ඉන්දිය ජාතිකයින් මව් රටට ගෙන්වා ගෙන ඒම සඳහා ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායලයේ යුධමය තත්වය හේතුවෙන් ඉන්දියාව මෙම තීරණය ගෙන තිබුණේ ඉකුත් බ්‍රහස්පතින්දායි.

ඒ ‘ඔපරේෂන් අජේ’ නමින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරමින්.

මේ වනවිට ඊශ්‍රායලයේ රැදී සිටි ඉන්දීය ජාතිකයින් 235දෙනෙකුගෙන් යුත් දෙවන කණ්ඩායම ආරක්ෂිතව රැගෙන ඒමට සමත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් 212ක් වන පළමු පිරිස බෙන් ගුරියන් ගුවන් තොටුපළෙන් ඉන්දියාවට රැගෙන විත් තිබුණා.

ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් රට හැරයාමට කැමති සියලු ඉන්දියානු පුරවැසියන් එහිදී ලියාපදිංචි කර යළි මව් රටට රැගෙන ඒම සිදු කරනවා.

එහි සම්පූර්ණ වියදම ඉන්දීය රජය විසින් දරනු ලබන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

READ:   නමල්ගේ මගුල් ගෙදර අවුරුදු ගානක් පරණ ලක්ෂ 26ක ලයිට් බිල හදිසියේ ගෙවීමට හේතුව?
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්