Sunday, June 28, 2026
Homeදේශීයකුසල්ට සතර වටෙන් සුබ පැතුම්!

කුසල්ට සතර වටෙන් සුබ පැතුම්!

කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ඉනිමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩකයන් මෙන්ම වර්තමාන පිතිකරුවන් රැසක් ද කුසල් මෙන්ඩිස්ට සුබ පැතුම් එක්කර තිබුණා.

මේ අතර ඉන්දීය හිටපු ක්‍රීඩක ඉර්ෆාන් පතාන් වගේම වර්තමාන පිතිකරු සූර්ය කුමාර්යාදේව් ද වනවා.

ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ද සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ගැන සිය සතුට පළ කර තිබුණා.

ඒ අතර ඉන්දියාවේ මෙන්ම ලොව පුරා ක්‍රිකට් ලෝලීන් ද වනවා.

මේ තර ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර කුසල් මෙන්ඩිස්ට සිය සුබ පැතුම් එක්කර ඇති බව වාර්තා වුණා.

පාකිස්තානයට එරෙහිව වේගවත් ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් අද (10) සමත් වුණා.

පන්දු 65කින් කුසල් රැස් කළ එම ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.

එය වාර්තා ගත වුණේ ශ්‍රී ලංකා පිතිකරුවකු ලෝක කුසලාන තරගාවලියක රැස් කළ වේගවත්ම ශතකය ලෙසයි.

file
file
file
READ:   උපාධි පාඨමාලාවක් හැදැරිම සඳහා වන ණය යෝජනා ක්‍රමය පුළුල් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්