ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 344ක් රැස් කළා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 77 ක් තුළ වේගවත් ලකුණු 122ක් රැස් කළා.
ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 6 ක් ඇතුළත්.
ශ්‍රී ලංකා පිතිකරුවකු ක්‍රිකට් ලෝක කුසලානයක් තුළ රැස් කළ වේගවත්ම ශතකය ලෙස පන්දු 65කින් කුසල් රැස් කළ ශතකය වාර්තා අතරට එක් වුණා. (ඊට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත්)
සදීර සමරවික්‍රම පන්දු 89කින් ලකුණු 108ක් රැස් කළා.
පැතුම් නිස්සංක ලකුණු 51(61) යි.
පාකිස්තානය වෙනුවෙන් Hassan Ali කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.
Haris Rauf කඩුලු 02ක් බිඳ දැමුවා.


