Monday, June 29, 2026
Homeක්‍රීඩාකුසල් මෙන්ඩිස් ගෙන් වාර්තාගත වේගවත් පිතිහරඹයක්

කුසල් මෙන්ඩිස් ගෙන් වාර්තාගත වේගවත් පිතිහරඹයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරගයේ පළමුව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 229ක් ලබා සිටිනවා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් වේගවත් ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරුවකු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක රැස් කළ වේගවත්ම ශතකයට හිමි වාර්තාව කුසල් මෙන්ඩිස් සතුකර ගත්තා.

ඒ පන්දු 65කින් එම ශතකය වාර්තා කරමින්.

පන්දු 77 ක් තුළ කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් රැස් කළා.

ඊට හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් ඇතුළත්.

READ:   බන්ධනාගාර රැදවියන් 9500 කට PCR ටෙස්ට් - බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්