Saturday, July 25, 2026
Homeදේශීයඉදිරි පැය කිහිපයේ ප්‍රබල අකුණු අවදානමක්

ඉදිරි පැය කිහිපයේ ප්‍රබල අකුණු අවදානමක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අද (09) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදියි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි.

අකුණු මඟින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   දරුවන් පැහැර ගැනීමේ කණ්ඩායමක් ගැන පොලිසියෙන් නිවේදනයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්