Saturday, April 25, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් 295ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් 295ක ඉලක්කයක්

ක්‍රිකට් ලෝක කුසලානයේ සහභාගී වූ දෙවන පුහුණු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 294ක් රැස් කර ගත්තා.

ඒ පන්දුවාර 46යි පන්දු 2ක් තුළදී ඇෆ්ගනිස්ථානයට එරෙහිවයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක කුසල් මෙන්ඩිස් පන්දු 87 ක් තුළ ලකුණු 158ක් රැස් කළා. ඊට හයේ පහර 9ක් සහ හතරේ පහර 19ක් ඇතුළත් වුණා.

සදීර සමරවික්‍රම ලකුණු 39ක්, පැතුම් නිස්සංක ලකුණු 30 , ධනංජය ද සිල්වා ලකුණු 22ක් වශයෙන් රැස් කළා.

158ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් ඉනිම අත්හිටුවීමට තීරණය කිරීමෙන් පසු පැමිණි කිසිදු පිතිකරුවෙකුට පිටියේ සාර්ථක වීමට ඇෆ්ගනිස්ථාන පන්දුයවන්නන් ඉඩ දුන්නේ නැහැ.

පන්දු යැමේදී මොහොමඩ් නබී ලකණු 44කට කඩුලු 04ක් දවා ගත්තා.

READ:   ශ්‍රී ලංකා පාකිස්ථාන ගැටුම අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්